දැයට අභිමානවත් මානවයන් දායාද කල මාර/ යටියන මහ විදුහලේ අතීත ශ්‍රී විභූතියට නැවත ප්‍රාන වායුව පොවමින් යලිත් " නොනැවතී පෙරටම" සංකල්පය සාක්ශාත් කර ගනිමින් සිරිලක් දෙරණේ පාසල් නාමාවලියට නැණවත් ගුණගරුක දරුපිරිසකගෙන් යුත් ඵලදායී අධ්‍යාපන නිකේතනයක් පිලිගන්වමු.
බාල දක්ෂ ව්‍යාපාරය
උගත්, හික්මුණු දරුපරපුරක් බිහිකිරීමේ අරමුනින් පාසල තුල බාල දක්ෂ කටයුතු ආරම්භ කරන ලදී. එම භාරදුර කාර්යය කිරීමේ වගකීම භාරව ඇති ගුරුභවතුන් ලෙස සුනිල් මහත්මා, තනුජා ප්‍රියන්ති මෙනවිය සහ වසන්තා මහත්මිය දැක්වීමට පුළුවන.
දකුණු ආසියවේ දක්ෂතම ධාවන ශූරයා
මාර/යටියන මහා විද්‍යාලයේ ක්‍රීඩා විශය භාර ඩි. එස්. ගමගේ මහතා නොබෝදා සහභාගී වු දකුණු ආසියානු මලල ක්‍රීඩා ගුරු තරගයෙන් වාර්තා බිද හෙලමින් ඉහලම වේගයක් වාර්තා කරමින් පාසලට, ගමට හා රටට කීර්තියක් අත්කර දෙමින් දකුණු ආසියාවේ දක්ෂතම ධාවන ශූරයා බවට පත් විය.
ශිෂ්‍යත්වයෙන් ඉහලම ප්‍රතිඵල
අවම පහසුකම් මධ්‍යයේඉගෙනුම ලැබුවද 2008 ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන් 18 දෙනෙකු සමත් වු අතර එය මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 40% ක පමන ප්‍රමානයකි. මෙහිදී ළකුණු 163 ක් ලබා ගනිමින් පසිදු ශිෂ්‍යයා මාතර දිස්ත්‍රික්කයෙන් 12 වෙනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනි.
ගුරු උපහාර
ලෝක ගුරු දිනයේදි සිසුන් විසින් ගුරු උපහාර උළෙලක් සංවිධානය කර තිබු අතර ලෝක ළමා දිනයේදී, ගුරුවරු විසින් ළමුන්ටද ඔවුන්ගේ සිත් ප්‍රබෝධමත් කිරීමට උත්සවයක් සංවිධානය කර තිබුනි. ඔවුන්ගේ විවිධ දක්ෂතා අනුව ත්‍යාගද පිරිනැමුනි.
විදුහල්පති ඇගයීම
මුලටියන කලාපයේ තිහගොඩ කොට්ඨාශයේ හොදම විදුහල්පති ලෙස අප විද්‍යාලයේ විදුහල්පති තුමා වන එච්. කේ. සෝමපාල මහතා තේරි පත් වුන අතර ඒ වෙනුවෙන් 2008.12.03 දින අප විද්‍යාලයේ උපහාර උළෙලක් සංවිධානය කර තිබුනි. මේ සදහා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහභාගි වු අතර ඔවුන්ටද උපහාර පිරිනැමුනි.